Saturday 10 November 2012

ජෝන්ගේ කතා - වෙරි මත

සීමාව ඉක්මවා බියර් පානය කරන විල්සන්
    මේ ගෙවෙන්නේ ශ්‍රීත ඝෘතුවයි.එහෙයින් ජෝන් ඇගපත රත් කරගන්න හිතාගෙන බාර් එක පැත්තට ගියේ තමන්ගේ හොදම යාලුවා විල්සන් එක්ක.විල්සන් ජීවත් වන්නේද ජෝන්ගේ නිවසට යාබද නිවසකය.මේ දෙදෙනා තැබෑරැමට ගොස් පැයක හමාරක පමන වෙලාවක් ආගිය තොරතුරැ කතා කරමින් බියර් සප්පායම් විය.

     විල්සන් තම බිරිද පමනක් ගෙදර බවත් එහෙයින් තමා වේලාසන ගෙදර යා යුතු බවත් පවසා තැබෑරැමෙන් පිටව ගියේ හෙට දින ද සවස තැබෑරැමට පැමිනෙන බවද කියමිනි.විල්සන් පිටව ගිය හෙයින් සීමාව ඉක්මවා බියර් පානය කල ඔහුට කෙලින් ඇවිදීමට වත් නොහැකිය.

    මොහු තැබෑරැමෙන් එලියට පැමිණෙන විට උදෑසට එකේ සීනුනාදය පල්ලිය දෙසින් ඇසෙන්නට විය.මොහුට සිහියක් පතක් නැත.මොහුට පාරේ කෙලින් ඇවිදීමටද නොහැකිය.කෙසේ නමුදු ජෝන් තමන් වෙසෙන මාවත ඉදිරියට පැමිනියේය.තමා අත නිවසේ යතුරක්ද නැත.මොහු දොර ඇරීමට උත්සහ කලේය.දොර අගුලු දමාද නැත.ඉතා පහසුවෙන් දොර ඇරගත් මොහු කිසිදු සද්දයක් නොකර නිවසේ උඩ තට්ටුවට ගියේය.නිවසේ උඩ නිදන කාමරයේ විදුලි බුබුලු ආලෝකමත් කලේය.

අහෝ ..!
ජෝන් අදහගත නොහැකිව බලා සිටින අයුරැ

    ඇදේ තම බිරිදට අමතරව තවත් මිනිසෙකු සිටී.ජෝන් මදක් විපරම් කලේය.ඒ විල්සන්ය.තම අසල්වැසියා,මිත්‍රයා විල්සන්ය.ජොන් විල්සන් නැගිට්ටවා වැරෙන් පහරක් එල්ල කලේය.ඒත් සමගම විල්සන් සමග සිටි ගැහැනියද ඇදෙන් බිමට පැන්නේය.

අහෝ..!

ඒ තමන්ගේ බිරිද නොව.විල්සන්ගේ බිරිදය.එතකොට තමන්ගේ බිරිද කොහිද?

     ජෝන් වට පිට බැලීය.මේ තමන්ගේ නිවස නොවන බවත් මේ විල්සන්ගේ නිවස බවත් ඔහු හදුනා ගත්තේය.ඔහුගේ වෙරි මත නිසා තමන්ගේ නිවස සොයා ගැනීමට නොහැකි වූ බවත් එනිසා මෙහි පැමිනි බවත්,තමන්ගේ කනගාටුවත් ජෝන් ප්‍රකාශ කල සිටියේ ලැජ්ජාවෙන් මුහුනද වසා ගනිමිනි.


කරැනාකර කතෘ අයිතිය සුරකින්න..
 ලියන මම : ප්‍රමුඛ ගයාශාන්

Friday 19 October 2012

මුහුනු පොත නිසා මිලියන ගානක දේපල විනාශයි..

 
අතීත ඕලන්දය - වර්තමාන නෙදර්ලන්තය
           පසුගිය දිනක ලෝකයේ ඇස් නෙදර්ලන්තය දෙසට හැරැනේ මුහුනු පොත නිසා නෙදර්ලන්තයේ වුනු විනාශය නිසාය..

         නෙදර්ලන්තයේ තරැණියක් තම උපන්දින උත්සවය පිලිබද මුහුනු පොතේ ඉවෙන්ට් එකක් සාදා තිබෙනවා..එහිදී මෙම තරැණිය මුහුනු පොතේන් මිතුරැ මිතුරියන්ට තම උපන්දින උත්සවයට පැමිනෙන ලෙස ආරාධනා කර තිබෙනවා..

        එහිදී 10000-15000 ආසන්න දෙනා සාදයට එන බට කමෙන්ට් කර තාබීම හේතුවෙන් තරමක් බියට පත්වූ එම තරැණිය ඇතුලු පවුලේ සියලු දෙනා නිවස ඇතහැර යාමට තීරනය කර ඇත.

      නියමිත දිනට සිතූ පරිදිම 10000-15000 අතර පිරිසක් නිවසට පැමිනියේය..නමුදු කිසිවකු නිවසේ නොමැත..නොසිතූ ලෙස අපහසු තාවයට පත්වූ ඔව්න්ගේ රතු කට්ට ඉක්මවා ගියේය.අහල පහල දෑට ගල් මුල් ප්‍රහාර එල්ල කල ඔවුන් තරැණිය ගේ නිවස ඇතුලු මිලියන ගනනාවක ( මිලියන 15 ආසන්න ) දේපල හානි සිදු කලේය.පොලිස් භට කණ්ඩායම් 5000 අදික සංඛ්‍යාවක් යෙද වූ නමුදු මෙල්ල කිරීමට නොහැකි විය.

         කෙසේ නමුසු පසුව ඔවුන් විසිර ගිය නමුදු ඔවුන් නිසා සිදුවූ අලාබය මිලියන ගනනකි.ඒ වගේම මුහුනු පොත නිසා සිදු වූ විපතින් තරැණියගේ සියලු දේපට වැලලී ගියේය..

     එම නිසා මුහුනු පොතේ ක්‍රියාකාරකම් කිරීමේදී තම මොලය පාවිච්චි කිරීම වැදගත් කරැනකි..එහෙම නොවුන හොත් ඔබටද සිදුවනුයේ පසුව පසුතැවිලි වීමටය..

      මේ එයට හොදම නිදසුනකි..සොයා බැලුවහොත් තවත් නිදසුන් සොයා ගැනීමට නොහැකි වන්නේ නැත.




කලහ කාරීව හැසිරෙන අයුරැ




   
මේ තෙක් මා කියූ කතාව 100% සත්‍ය එකක් බව කිව යුතුමය..
තොරතුරැ - අන්තර්ජාලය ඇසුරින්
* ලියන මම : ප්‍රමුඛ ගයාශාන්

හිත හොද බබා ගෙන් යමක්..

බ්ලොග් ලෝකයට නවකයෙකු වන මා විසින් ලියන මෙම බ්ලොග තුල කිසියම් වැරැද්දක් ඇතහොත් මා ඔබගෙන් හදවතින්ම සමාව අය දින්නෙමි.